ගරිල්ලන්ට දරුණු ගුවන් ප්‍රහාරයක්



අරාබි සභාග හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා යේමනයේ සටන් වදින හවුති ගරිල්ලන්ට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.

යේමනයේ හජ් පලාතේ ඇබිස් දිස්ත්‍රිකයේ හවුති ගරිල්ලන්ට අයත් කඳවුරුවලට සහ රැස්ව සිටින ස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ගුවන් ප්‍රහාරවලින් හවුති අණදෙන නිලධාරියෙක් ජිවිතක්ෂයට පත් වී ඇත. 

හවුති ගරිල්ලන්ට අයත් මෙහෙයුම් මැදිරියක් ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති බව හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

විශාල ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් මියයන්ට හෝ තුවාල ලබන්නට ඇති බවත්, ගුවන් මෙහෙයුම් හයක් සිදුකළ බව සභාග ගුවන් හමුදාව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඇඩෙන්)

RECOMMEND POSTS