ගණකාධිකාරිවරුන් 51කට නඩු



කුවේටයේ ගණකාධිකාරිවරුන් 51 දෙනෙක්ට විරුද්ධව නඩු පවරා ඇති බව වාර්තා වේ.

සහනාධාර සහිත ආහාර ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තුමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් පසු කුවේට් සමූපකාර සමිතිවල ගණකාධිකාරිවරුන් 51 දෙනෙක්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇත.

සහල්, කිරිපිටි, පාන් සහ තෙල් වැනි සහනාධාර විශාල ප්‍රමාණයක් ට්‍රක් රථ දෙකකින් සල්මි දේශසීමාව හරහා කුවේටයෙන් පිට කිරීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS