ගගනගාමියෙක් යවන්න හදයි



සෞදි අරාබිය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සෞදි ගගනගාමියෙක් යැවීමට සැළසුම් කරමින් සිටින බව වාර්තා වේ.

සෞදි අභ්‍යවකාශ ඒජන්සිය, අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සඳහා වන රුසියානු ෆෙඩරල් රාජ්‍ය සංස්ථාව සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. 

රුසියානු  ජනාධිපති, ව්ලැදිමීර් පුටින්ගේ දින දෙකක සෞදි සංචාරය අතරතුර අදාල ගිවිසුම අත්සන් කර ඇති අතර ගිවිසුම අත්සන් කිරීමට පෙරඅවස්ථා කීපයකදී සෞදි අරාබිය සහ රුසියාව අතර සාකච්ඡා පවත්වා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS