කොල්ලකරුවන් නැවකට පහර දෙයි



සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් ඇඩන් බොක්ක ප්‍රදේශයේ යාත්‍රාකරමින් තිබු බ්‍රිතාන්‍ය ධජ සහිත නෞකාවකට පහර දී ඇති බව වාර්තා වේ.  

තම සමාගමේ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු නෞකාවට මුහුදු කොල්ලකරුවන් පහර දුන් බව ස්ටෝල්ට් ටැන්කර්ස් සමාගම පවසනවා.

යේමනයට නාවික සැතපුම් 75 ක් දුරින් යාත්‍රා කරමින් තිබියදී අධිවේගි බෝට්ටු දෙකකින් පැමිණ මුහුදු කොල්ලකරුවන් ප්‍රහාර එල්ල කර ඇත.

මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරවලින් නෞකාවට සුළු හානියක් සිදු වී ඇති බවත්, නෞකාවේ කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවත්, නෞකාවේ භාණ්ඩවලටද කිසිදු හානි සිදුවී නොමැත බව ස්ටෝල්ට් ටැන්කර්ස් සමාගම වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)   

RECOMMEND POSTS