කොරෝනා රෝගීන් 9ක් සුවය ලබයි



ඕමානයේ කොරෝනා රෝගීන් නව දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඉරානයේ සංචාරය කළ ඕමාන ජාතිකයන් දෙදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවත්, නිරෝධායනය කළ රෝගීන්යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේ ය.

දැනට ඕමානයෙන් රෝගීන් 18 ක් වාර්තා වී ඇති අතර, ඉන් 17 දෙනෙක් ඉරානයේ සහ එක් අයෙක් ඉතාලියේ සංචාරය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS