කොරෝනා නීතියට විරෝධය



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, ඊශ්‍රායල පාර්ලිමේන්තුව සම්මත කරගත් නව නීතියට එරට වැසියන්ගේ විරෝධය එල්ල වී ඇත.

එම නව නීතිය යටතේ රජයට, ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කළ හැකි බවත්, එම නීතිය ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊශ්‍රායල වැසියෝ පෙන්වා දෙති. එම නව නීතිය හරහා, කඩිනමින් හදිසි තීරණ ගැනීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයට බලය හිමිවී ඇත.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය සම්බන්ධයෙන් රජය ක්‍රියා කළ යුත්තේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් මත බවත්, රජයේ අභිමතය පරිදි ජනතාව පීඩාවට පත් කරමින් තීන්දු තීරණ ගැනීම සිදු නොකළ යුතු බවත් එම විපක්ෂ ක්‍රියාකාරීන් පවසා තිබේ.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS