කොරෝනා නිසා වසර 5කට හිරේට



කොරෝනා වෛරසය පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබාදෙන බව වාර්තා වේ.

සමාජ ජාල වෙබ් අඩවිවල අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන්ට වසර පහක්දක්වා සිරදඩුවම් ලබාදිය හැකි බව නීති විශාරදයන් පෙන්වා දෙයි.

කරෝනා වෛරසය පිළිබඳව වැරදි ප්‍රවෘත්ති විශාල ලෙස අන්තර්ජාලයට මුදාහැර ඇති බවත්, රෝගීන් ගණනාවක් නිරෝධායනය කර ඇති බවට වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කර ඇති බවත්, කිසිදු ආසාදිතයෙක් මෙතෙක් වාර්තා වී නොමැති බවසෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය අබ්දුල්ලා අල්-සනද් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS