කොරෝනා නෑ:සෞදිය කියයි



නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැක කළ පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී නොමැති බව සෞදිය කියයි.

චීනයේ සිට සෞදි අරාබියට ආපසු පැමිණි සියයකට වැඩි පිරිස පරීක්ෂාවට ලක් කළ බවත්, වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ජාතික රෝග පාලන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ, වෛද්‍ය ඉමාඩ් අල්-මොහොමඩි පැවසීය.

කොරෝනා රෝගීන් හැකි ඉක්මණින් හඳුනා ගැනීම සඳහා සෞදි අරාබිය පුරා සෑම පළාතකම රෝහලක් නම් කළ බව වෛද්‍ය ඉමාඩ් අල්-මොහොමඩි වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS