කුවේට් හමුදාවේ 42 කට ඒඩ්ස්



කුවේට් හමුදා සාමාජිකයන් හතළිස් දෙදෙනෙක්ට ඒඩ්ස් වැළඳී ඇති බව වාර්තා වේ.

විශේෂ වෛද්‍ය කණ්ඩායමක් හමුදා සෙබළුන් 21 දෙනෙක්ට ඒඩ්ස් වැළඳී ඇති බව තහවුරු කර ඇත.

ජාතික ආරක්ෂක බළකායේ තවත් සෙබළුන් දාහතර දෙනෙක්ට සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක සෙබළුන් හත් දෙනෙක්ට ඒඩ්ස් වැළඳී ඇති බව වාර්තා වේ.

හමුදා සෙබළුන් සියළු දෙනාම වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු කිරීමෙන් පසු ඒඩ්ස් වැළඳී ඇති බවට හඳුනා ගෙන ඇත.

හමුදා සෙබළුන්ට “වෛද්‍ය විශ්‍රාම” ලබා දීම සඳහා නීතිමය හා පරිපාලනමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS