කුවේට් සංචාරකයා මැරූ මොරොක්කෝ ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්



මෙරොක්කෝවේ කැසබ්ලංකා නගරයේදි සංචාරයක යෙදි සිටි සෞදි ජාතිකයකු ඝාතනය කල මොරොක්කෝ ජාතිකයෙකුට එරට අධිකරණයට මගින් ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කල අතර මොරොක්කෝ ඩිනාර් මිලියන දෙකක මුදලක් මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ට ගෙවීමට සිදුවිය. 

2015 අප්‍රේල් මාසයේදි  මෙරොක්කෝ ජාතිකයා බෙස්කුවුරා දිස්ත්‍රිකයේ පිහිටා තිබු කුවේට් ජාතිකයා නැවතී සිටි නිවසට හොර රහසින් ඇතුලුවී ඔහුට පහරදී ඔහු සතුව තිබු වටිනා දේවල් සොරාගෙන පලාගොස් ඇති බව කරණ ලද විමර්ෂණ වලදී අනාවරණය වී ඇත. 

පහරදීම හේතුවෙන් ඇතිවූ මාරාන්තික තුවාල නිසා සෞදි ජාතිකයා පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. 

සිද්ධියට අදාල නඩුව මොරොක්කෝ අපරාධ අධිකරණයේදි විභාග විය. 

නඩුව මෙහෙයවු විනිසුරු විසින් අදාල නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS