කුවේට් පිරිමින්ට පුරස්ථික පිළිකා



කුවේට් පිරිමි 100,000කින් 14 දෙනෙක්ට පුරස්ථික ග්‍රන්ථියේ පිළිකා වැළඳී ඇති බව වාර්තා වේ.

පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකදී, කුවේටය පදනම් කරගත් “Cancer Awareness Nation’’ නැමති සංවිධානයේ සභාපති, වෛද්‍ය කලීඩ් අල් සාලේ ප්‍රකාශ කරනවා.

මෙම පිළිකා තත්ත්වය වයසක පුද්ගලයන් තුල වැඩිපුර දක්නට ලැබෙන බවත්, වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන් වසරකට වරක් පුරස්ථි විශේෂිත ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදුකර ගත යුතු බව වෛද්‍ය කලීඩ් අල් සාලේ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

අධික ලෙස සෝඩියම් අඩංගු ආහාර සහ බීම වර්ග ගැනීමෙන් පිළිකාවට ගොදුරු විය හැකි බව අධ්‍යයන වලින් සොයාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS