කුවේට් ජාතිකයන් 10,482ක් බඳවා ගෙන



කුවේට් ජාතිකයන් 10,482 ක් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

කුවේට් රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අදාල පිරිස දින 86ක් තුළ බඳවා ගත් බව සිවිල් සේවා කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

බඳවා ගත් පිරිසට උපාධිධාරීන් 6,465,  ඩිප්ලෝමාධාරීන් 2,283, ද්විතීයික පාසල් උපාධිධාරීන් 1,136, ශාස්ත්‍රපති උපාධිධාරීන්68 සහ ආචාර්ය උපාධිධාරීන් 02 අයත් වේ.

2020 ජුනි 30 සිට සැප්තැම්බර් 24 දක්වා කාලය තුළ මෙම පත්වීම් ලබා දීමට කටයුතු කළ බව සිවිල් සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS