කුවේට් අමීර් ෂයීමා ඒඩී හමු වෙයි



කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා පිළිකාවෙන් පීඩා විඳින ෂයීමා ඒඩී ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන ඇති බව වාර්තා වේ.

ෂයීමා ඒඩී වසර දෙකකට අධික කාලයක් පිළිකාවෙන් පීඩා විඳිමින් සිටින අතර පිළිකා රෝගයට එක්සත් රාජධානියේ රෝහලක ප්‍රතිකාර ලබයි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරියක්ද වන බව වාර්තා වේ.

ඇයේ පිළිකා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන ඇමරිකානු රෝහලක් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මනෝවිද්‍යාව සහ සමාජ භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත.

පිළිකාවෙන් පීඩි විඳින දරුවන්ට නොමිලේ ලබාදීම සඳහා කොණ්ඩයක් ප්‍රථම වතාවට ඇය නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ පිළිකා රෝගයෙන් පීඩි විඳින දරුවන් වෙනුවෙන් විශාල සේවයක් ඇය සිදුකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS