කුවේට් අමීර් ආපසු එයි



ඇමරිකා එක්සත් ජනපදයේ සාර්ථක වෛද්‍ය පරීක්ෂණයකින් පසු කුවේට් නායකයා ආපසු පැමිණ ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපති, ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අවස්ථාවේදි වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සබා හදිසියේ රෝහල් ගත කළේ ය.

කුවේට් නායකයාගේ සමුගැනීමේ උත්සව අවස්ථාවට වොෂිංටන් හි කුවේට් තානාපති, ෂයික් සලීම් අබ්දුල්ලා අල්-ජබීර් අල්-සභා සහ ඉහළ පෙලේ නිළධාරීන් කීපදෙනෙක් සහභාගි වී ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS