කුවේට්ය නරකම රට වෙයි



කුවේට් රාජ්‍ය විදේශිකයන්ට නරකම ගමනාන්තයක් බවට පත් වී ඇති බව වාර්තා වේ.

විදේශිකයන් සඳහා වන 2020 පරිසර හා තිරසාර වර්ගීකරණ සමීක්ෂණයට රටවල් 60ක් යොදා ගෙන ඇත.

එක් රටකට පැමිණී විදේශිකයන් 75 දෙනෙක් සමීක්ෂණය සඳහා යොදා ගත් බව ඉන්ටර්නේෂන්ස් ආයතනය ප්‍රකාශ කරනවා.

ශ්‍රේණිගත කිරීම්වල පහළම රටවල් තුන ලෙස ඊජිප්තුව 58 වන ස්ථානයත්, කුවේටය 59 වන ස්ථානයත්, ඉන්දියාව 60 වන ස්ථානයත් හිමි කරගෙන ඇත.

මැද පෙරදිග රටවල් වන ඕමානය 21 වන ස්ථානයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 22 වන ස්ථානයත්, ඊශ්‍රායලය 23 වන ස්ථානයත්, බහරේනය 29 වන ස්ථානයත්, කටාර් 34 වන ස්ථානයත්, තුර්කිය 42 වන ස්ථානය සහ සෞදි අරාබිය 49 වන ස්ථානය හිමි කර ගෙන ඇත.

ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇති අතර, ස්වීඩනය හා නෝර්වේ දෙවන හා තෙවන ස්ථාන හිමිකරගෙන ඇත.

ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය 4, 5 සහ 6 ස්ථාන ද නවසීලන්තය, ජර්මනිය, කැනඩාව සහ ලක්සම්බර්ග් 7, 8, 9 සහ 10 ස්ථාන හිමි කර ගෙන ඇත.

කුවේටය, ඉන්දියාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ වියට්නාමය නරකම ගමනාන්ත ලෙස නම් කර ඇති අතර, විදේශ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් වායු දූෂණය, පිරිසිදු ජලය නොමැතිකම, සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම සහ පරිසරය කෙරෙහි සැලකිල්ලක් නොමැතිකම පිළිබඳව අප්‍රසාදය ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS