කුවේටයේ 9ක් සුවය ලබති



කොරෝන වෛරසය (කොවිඩ් -19)ආසාදනය වූ පුද්ගලයින් නව දෙනෙක් සුවය ලබා ඇති බව කුවේටය නිවේදනය කරයි.

පිරිමි අට දෙනකු සහ එක් ගැහැනු ළමයකු සුවය ලැබූ පිරිසට අයත් වන බවත්, සියලුම දෙනා කුවේට් ජාතිකයන් බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය බාසෙල් ඒ-සබා පවසයි.

කුවේටයේ සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බවට කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

කොරෝන් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කුවේට් රජය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS