කුවේටයේ 250,000කට විදෙස් සංචාර තහනම්



කුවේටයේ සිටින පුද්ගලයන් 250,000කට විදෙස් සංචාරතහනම් කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින පුද්ගලයන්ද සිටින බව කුවේට් අධිකරණ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

බැංකු සහ සමාගම් විසින් ගොනු කරන ලද පැමිණිලි හේතුවෙන් කුවේටයෙන් වෙනත් රටවල්වල සංචාරය කිරීම තහනම් කිරීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇත.

අදාල පුද්ගල සංඛ්‍යාවට කුවේට් කාන්තාවන් 29,000ක් සහ විදේශිකයන් 30,000ක් ඇතුලත් වන බව අධිකරණ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ වැඩිදුරටත් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS