කුවේටයේ ආසාදිතයන් ලක්ෂය පනියි



කුවේටයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය පැය 24 තුල ආසාදිතයන් 719 දෙනෙක් වාර්තා වීමත් සමඟ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 100,683 දක්වා ඉහළ ගොස් ඇත.

එම කාලය තුල ආසාදිතයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, පුද්ගලයන් 588 දෙනෙක් කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

දැනට කොරෝනා ආසාදිතයන් 99 දෙනෙක් දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබසින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.

මේ දක්වා කොරෝනා පරීක්ෂණ 715,887ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට නගරය)

RECOMMEND POSTS