කුවේටයෙන් සුඩානයට වෛද්‍යාධාර



කුවේටය වෛද්‍යාධාර තොගයක් සුඩානයට යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ටොන් 40ක වෛද්‍යාධාර රැගත් හත්වැනි ගුවන්යානය සුඩාන් අගනුවර වන කාර්ටෝම් නගරය වෙත පිටත් කර යවා තිබේ.

ගංවතුරෙන් පීඩා විඳින සුඩාන ජනතාවට සහ රජයට දක්වන සහයෝගයක් ලෙස වෛද්‍යාධාර ලබාදීමට කුවේට් රජය කටයුතු කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)    

RECOMMEND POSTS