කුවේටයට ආ මඟීන් 25,000ක් පරීක්ෂා කරලා



කුවේට් රාජ්‍යයට පැමිණි ගුවන් මඟීන් 25,000ක් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගමනාන්ත 162කින් ගුවන් මඟීන් පිරිස පැමිණ ඇති අතර කොරෝනා වෛරසය කුවේටයට ඇතුළුවීම වැළැක්වීමේ පියවරක් ලෙස අඛණ්ඩව ගුවන්මඟීන්ව පරීක්ෂාවට ලක් කරයි.

හොංකොං සහ චීන ජාතිකයින්ට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර තිබේ.

හොංකොං සහ චීනයේ සිට පැමි‍ණෙන සියළුම ගුවන් මඟීන්ට අමාත්‍යාංශය පැන වු තහනම අදාල වේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS