කුර්දි කථානායක ඉවත් වෙයි



ඉරාකයට අයත් කුර්දිස්තානයේ පාර්ලිමේන්තු කථා නායක සිට තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉරාකයේ කොටසක් ලෙස කුර්දිස්තානය සැලකෙයි. කුර්දිස්තානයේ ඇත්තේ වෙනම පාලනයකි. කුර්දිස්තානය මීට මාස කිහිපයකට පෙර ඉරාකයෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමට උත්සාහ ගත්තේය. ඉරාක රජයේ දැඩි විරෝධය ඊට එල්ල විය.

ධුරයෙන් ඉල්ලා අස්වූයේ කථා නායක ධුරය හෙබවූ යූසොෆ් මොහොමද්ය. මොහු නියෝජනය කරන්නේ කුර්දිස්තාන විපක්ෂ බලවේගය වන ‘ගොරාන්’ පක්ෂයයි.

මීට අමතරව, කුර්දිස්තාන පළාත් පාලන රජයේ සිටි ‘ගොරාන්’ පක්ෂ සාමාජිකයන් බොහෝ දෙනකු ද ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS