කුර්දිස්ථානයේ යළි ජනමත විමසුමක්



ඉරාකයෙන් වෙන්වී වෙනම රටක් වීමට කැමැත්ත දක්වන කුර්දිස්ථානයේ හෙට (30) ජනමත විමසුමක් පැවැත්වෙයි.

පසුගිය වසරේ ඉරාකයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් වීමේ අපේක්ෂාවෙන් කුර්දිස්ථාන පාර්ලිමේන්තුව මැදිහත් වී ජනමත විමසුමක් පැවැත්වීය. එහිදී බහුතරයක් කුර්දි වැසියෝ කැමැත්ත පළ කළේ ඉරාකයෙන් වෙන්වීමටය.

ඉරාක රජය මීට දැඩි විරෝධයක් දැක්වීය.

කුර්දිස්ථානයට ආර්ථික සහ දේශපාලනික වශයෙන් පීඩනයක් එල්ල කරමින් බලපෑම් කරන්න විය.

කුර්දිස්ථානයේ පවතින්නේ වෙනම පාලනයක් සහ රජයක් වුවත් එය ඉරාකයේ කොටසක් ලෙස පවතී.

(අල් ජසීරා)


RECOMMEND POSTS