කුමරු හිරෝෂිමා යයි



සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක ඇමති, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් හිරෝෂිමා සාම අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් ඇති බව වාර්තා වේ.

ජපානයේ ඔසාකා නුවර දින දෙකක් පැවැත් වු ජි20 සමුළුව සහභාගි වීම සඳහා සෞදි කුමරු ජපානයට ගිය අතර කෞතුකාගාරය නැරඹීමටද ගොස් ඇත.  

හිරෝෂිමා සාම අනුස්මරණ කෞතුකාගාරය මධ්‍යම හිරෝෂිමා නුවර පිහිටා ඇති අතර දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු ප්‍රහාරක යානයක් මඟින් හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙලීමෙන් සිදු වු ඛේදවාචකයට අදාල ඡායාරූප සහ තොරතුරු කෞතුකාගාරයේ තැම්පත් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS