කි:මී 160 දිග මෙට්‍රෝ පද්ධතියක්



කුවේටයේ කිලෝමීටර් එකසිය හැටක් දිග මෙට්‍රෝ පද්ධතියක් ඉදිකරන බව වාර්තා වේ.

ව්‍යාපාරික මධ්‍යස්ථාන සහ අනිකුත් ආර්ථික මධ්‍යස්ථානඑකට සම්බන්ධ කරමින් මෙට්‍රෝ පද්ධතිය ඉදිකිරීමට සැළසුම් කර ඇත.

මං තීරු තුනකින් මෙට්‍රෝ පද්ධතිය සමන්විත වන අතර දුම්රිය ස්ථාන හැට අටක් එකට සම්බන්ධ වේ.

අදියරයන් පහකින් මෙට්‍රෝ පද්ධතිය ඉදිකර අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර,පළමු අදියරයේදි කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොළ සහ කුවේට් නගරය සම්බන්ධ කරමින්කිලෝමීටර් 50ක දුර දුම්රිය මාර්ගය

ඉදිකරයි.

මුල් අදියරයේ කිලෝමීටර් 50ක දුර ප්‍රමාණය තුල දුම්රිය ස්ථාන 27 ඉදිකරීමට සැළසුම් කර ඇති අතර, 30%ක දුර ප්‍රමාණයක් පොළොව යටින් ඉදිකරන අතර, භූගත දුම්රිය ස්ථාන දෙකක් ඊට ඇතුලත් වෙයි.

පළමු අදියරයේදි ආණ්ඩුකාරප්‍රදේශ කීපයක් එකට සම්බන්ධ වන බවත්, ව්‍යාපාරික මධ්‍යස්ථාන නවයක් ඇතුළත් වන බවකුවේට් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පැවසීය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දිනය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියමෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS