කිලෝ 73 ක මත්පෙති අල්ලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නීතිවිරෝධ ආකාරයෙන් රැගෙන යෑමට උත්සහ කළ මෙතම්ෆෙටමින් පෙති විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ රටකින් පැමිණි බහලුමක් පරීක්ෂා කිරීමේදි වාහන අමතර කොටස් කීපයක සඟවා තිබු කිලෝග්‍රෑම් 73ක මෙතම්ෆෙටමින් පෙති තොගය සොයාගැනීමට ඩුබායි රේගුව සමත් වී ඇත.

ඩුබායි රේගු බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය සහ පොලිස් සුනඛ ඒකකය (කේ 9) එක්ව රහසිගතව සිදුකරන ලද මෙහෙයුමකින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඩුබායි රේගුව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයන්, ඩුබායි නුවර)

RECOMMEND POSTS