කිලෝ 400 මෝරෙක් අල්ලයි



එමිරේට්ස් ධීවරයන් තිදෙනෙක් කිලෝ 400ත් බර මෝරෙක් අල්ලා ගෙන ඇති බව වාර්තා වේ.

ෆුජයිරා වෙරළ ආසන්න මුහුදු තීරයෙදි මෝරාව අල්ලා ගැනීමට ධීවරයන් සමත් වී ඇති අතර මෝරාව වෙරළට ගෙන ඒම සඳහා පැය දෙකක පරිශ්‍රමයක් දැරීමට ධීවරයන්ට සිදු වී ඇත.

වෙරළේ සිටි පුද්ගලයන් 13 දෙනෙක් පමණ මෝරාව වෙරළට ගෙන ඒම සඳහා ධීවරයන්තිදෙනාට සහයෝගය ලබා දී ඇත.

ඊඩ් අහමඩ් සුලෙයිමාන් සහ ඔහුගේ සහයකයන් දෙදෙනා වන අබ්දුල්ලා බාරූන් සහ යූසෙෆ් බාරූන් කිලෝ 400ක් බර මෝරාව අල්ලා ගත් ධීවරයන් තිදෙනා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි)


RECOMMEND POSTS