කිලෝ 15 රත්‍රං ආපහු දීලා



ඩුබායි නුවර පකිස්ථාන පිරිසිදු කරන්නෙක් කිලෝග්‍රෑම් 15ක බර රත්‍රං ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ආපසු භාර දී ඇති බව වාර්තා වේ.

පකිස්ථාන තරුණයා අධිකාරියට භාර දුන් රත්‍රං තොගයේ මුළු වටිනාකම ඩිරාම් මිලියන 2.5ක් වෙයි.

රාත්‍රී සේවයේ යෙදි සිටින අවස්ථාවේදි රථගාලක තිබී රත්‍රං පිර වු බැගය හමු වී ඇති අතර රත්‍රං පුරවා තිබු බෑගය කවර පුද්ගලයෙක්ට අයිතිද යන්න මෙතෙක් සොයාගැනීමට අපොහොසත් වී ඇත.

2013දි පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයෙන්ඩුබායි නුවරටපැමිණ සේවය කරන 27 හැවිරිදි තාහීර් අලි මැක්බූල් සිදුකළ ක්‍රියාවට ගෞරවය දැක්වීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS