කිලෝග්‍රෑම් 5,656ක මත්පෙති අල්ලයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි නුවරදී ඇම්ෆෙටමින් පෙති කිලෝග්‍රෑම් 5,656ක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් ඇම්ෆෙටමින් පෙති තොගයේ වටිනාකම ඩිරාම් මිලියන 35.8ක් වේ.

යුරේසියානු රටකදී විදුලි රැහැන් තුල පෙති තොගය සඟවා ඩුබායි නුවරට රැගෙන ඇවිත් ඇති බවත්, අරාබි රටකට ප්‍රති-අපනයනය කිරීමට සැළසුම් කර තිබු බවත්, ජාවාරම් කල්ලියේ නායකයා ඇතුළු ජාවාරමට සම්බන්ධ අරාබි ජාතිකයන් හතරදෙනා අත්අඩංගුවට ගත් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS