කියුබ් සැට් 2019 දි අභ්‍යාවකාශයට



ඕමානය පරිසර දුෂණය අධ්‍යයනය කිරිමට කියුබ් සැට්(කියුබ් සැටලයිට්) නමින්  චන්ද්‍රිකාවක් 2019දි අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ඕමානතාරකා විද්‍යා සංගමය අධික්ෂණයයටතේ ප්‍රධාන පෙළේ අධ්‍යාපනික ආයතන සහ විද්වතුන්ගේ දායකත්වයෙන් චන්ද්‍රිකාව නිර්මාණය කරන බව වාර්තා වේ.

ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ප්‍රවාහන හා විදුලි සංදේශ අමාත්‍යාංශය සහ ඕමාන හමුදාව දායකත්වය ලබාදෙන බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

කියුබ් සැට් කිලෝග්‍රෑම් 1.33ක කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන අතර තවමත් නිර්මාණය කරමින් තිබෙන බවත් 2019දි අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු පරිසර දුෂණයවී ඇති ස්ථාන පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන බව ඕමාන තාරකා විද්‍යා සංගමයේ සභාපති, ආචාර්ය සලේ බින් සයිඩ් අල්-ෂිතානි ප්‍රකාශ කළේය.           

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS