කැනේඩියානුවෙක් ත්‍රස්ත ක්‍රියා කරලා



සෞදි අරාබියේ ත්‍රස්ත ක්‍රියාකරකම්වල නිරත වු කැනේඩියානු ජාතිකයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ලෙබනනයේ ත්‍රස්ත කටයුතුවලට මුදල් යවා ඇති බවට පරීක්ෂණවලින්තහවුරු වී ඇත.

රියාද් නුවර විශේෂ අපරාධ අධිකරණයක කැනේඩියානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදි කැනේඩියානු ජාතිකයා චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

කැනේඩියානු ජාතිකයාගේ ජංගම දුරකථනයේ අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ වීඩියෝ දර්ශන සහ පින්තූර ගබඩා කර තිබීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර ඇත.

සෞදි අරාබියේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කැනේඩියානු ජාතිකයා කටයුතු කර ඇති බවටසෞදි පොලීසිය විශේෂ අපරාධ අධිකරණයට කරුණු දක්වා ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් එන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS