කසීම් සුලෙයිමානී නමින් මිසයිලයක්



ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය, ඉරාන කුද්ස් හමුදා බලකායේ ප්‍රධානී කසීම් සුලෙයිමාන් සිහි කරමින්, ඉරානය ඔවුන්ගේ නවතම දිගුදුර මිසයිලයක් 'හජ් කසීම්' යනුවෙන් නම් කර තිබේ.

මෙම දිගු දුර මිසයිලයට කිලෝ මීටර් 1,400 ක දුරක ඉලක්කයකට පහසුවෙන් ළඟා විය හැකිය. මෙය ගොඩබිම සිට ගොඩබිම ඉලක්කයකට විදිය හැකි මිසයිලයක් බව එය හඳුන්වා දුන් ඉරාන ආරක්ෂක කටයුතු ඇමැති අමීර් හටාමි පැහැදිලි කර තිබේ.

ඇමෙරිකන් හමුදා, සුලෙයිමානී ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ පසුගිය ජනවාරියේය. ඒ, සුලෙයිමානි, ඉරාකයේ ෂියා මුස්ලිම් සටන්කාමීන් හමුවීමට පැමිණි අවස්ථාවේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS