කශොග්ජී ඝාතන වාර්තාව ලැබී නෑ



සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝජීගේ ඝාතනය සම්බන්ධ සෙනෙට් මණ්ඩලය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි වාර්තාව තවමත් ජනපතිවරයා විසින් ලබා දී නොමැති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

එම වාර්තාව සෙනෙට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත අවසන් දිනය වූයේ පසුගිය 8 වැනිදා යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කාශොග්ජී සෞදි මාධ්‍යවේදියකු පමණක් නොව, ඇමෙරිකන් පුරවැසිභාවය ලැබූ අයෙකු ද වෙයි.

කශොග්ජී ඝාතනයට ලක් වූයේ පසුගිය ඔක්තෝබර් දෙවැනිදාය. කශොග්ජී වොෂින්ටන් පෝස්ට් පුවත් සේවයේ මාධ්‍යවේදියකු ලෙස සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

කුමරුන්ගේ අණ පරිදි කශොග්ජීගේ ඝාතනය සිදුවුණු බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇති නමුත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ට සල්මාන් කුමරුන්ට හෝ සෞදි රජයට හෝ විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට නොහැකි බවය. ඒ, ඇමෙරිකාව සහ සෞදිය අතර පවතින ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වටිනා වෙළෙඳ ගිවිසුම් හේතුවෙනි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS