කශොග්ජී ඝාතකයන්ට සිර දඬුවම්



තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතන සිද්ධියට සම්බන්ධ අට දෙනා අද (7) අධිකරණය හමුවට යොමු කෙරුණු අතර, ඔවුන්ට සිර දඬුවම් නියම විය.

අට දෙනාගෙන් පස් දෙනකුට වසර 20 බැගින් සිරදඬුවම් ද ඉතිරි තිදෙනාට වසර 10 බැගින් සිර දඬුවම් ද නියම විය.

කශොග්ජීගේ පුතුන් මීට පෙර පවසා තිබුණේ තමන්, පියාගේ ඝාතකයන්ට සමාව දෙන බවය.  ඒ අනුව, අට දෙනාට එරෙහිව මරණීය දණ්ඩනය නියම නොවූ බව සෞදි පුවත් සේවා පෙන්වා දෙයි.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් විවේචනය කළ මාධ්‍යවේදියකු ලෙස ජමාල් කශොග්ජී සැලකිණි. ඔහුගේ ඝාතනය සිදුවූයේ 2018 ඔක්තෝබර් දෙවැනිදාය.

ඝාතනය පසුපස සල්මාන් කුමරු සිටිනවා යැයි චෝදනා එල්ල වුව ද එය ඔප්පු කිරීමට සාක්ෂි නොතිබුණි. සිර දඬුවම් නියම වූ අට දෙනා සෞදි ජාතිකයන්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS