කලාපයේ ආරක්ෂාවට කැප වෙනවා



ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ගන්නා වු ක්‍රියාමාර්ගවලට තම රට සහයෝගය දක්වන බව එමිරේටය කියයි.

“කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ගැටුම් වළක්වා ගැනීම සඳහා හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරනවා.’’ යනුවෙන් එමිරේට්ස් විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය අන්වර් ගර්ගාෂ් ප්‍රකාශ කළේ ය.

ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා අනිකුත් රටවල්වලඅවධානය යොමු කිරීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යවරයා සිය අදහස් ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS