කල් ඉකුත්වීමේ දිනය අනිවාර්යයි



වෙළඳසැල් තුල බිත්තර විකිණිමේදිනිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වීමේ දිනය බිත්තරවල සටහන් කිරීම 2018 ජනවාරි 01 දින සිට අනිවාර්ය කරන බව කුවේට් වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහක් කර ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කළේය.

පනවා ඇති නව නීතිය පිළිබඳව බිත්තර නිෂ්පාදන සමාගම් දැණුවත් කර ඇති අතර පනවා ඇති නව නීතියට අනුව ක්‍රියා කරන ලෙස නිෂ්පාදකයින්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වේ. 

සමහර සමාගම් අදාල නීතිය දැනටමත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS