කයිරෝ දුම්රිය පොළේ දුම්රිය අනතුරක්



ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන දුම්රිය පොළේ දුම්රියක් අනතුරට ලක්වී, ගිනි ගැනීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කි.

අනතුර සිදුවූයේ රැම්සේස් දුම්රිය ස්ථානයේය. දුම්රිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව දුම්රිය වේදිකාවේ ගැටී ඇත.

එම අවස්ථාවේදී දුම්රිය වේදිකාව මගීන්ගෙන් පිරී පැවැති බව ද වාර්තා වේ. ගින්න හටගත්තේ දුම්රිය වේදිකාවේ දුම්රිය ගැටෙද්දී, දුම්රියේ ඉන්ධන ටැංකියකට හානිවී පිපිරීමෙනි.

අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පවසමින් ඊජිප්තුවේ දුම්රිය අමාත්‍ය හිෂාම් අරෆාත් සිය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්විය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS