කතක් වකුගඩුව විකුණන්න හදලා



කුවේට් කාන්තාවක් ණය ගෙවීමට වකුගඩුවක් වීකිණීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

“මගේ සහ සැමියාගේ ණය ගෙවීමට කුවේට් ඩිනාර් 200,000කට වකුගඩුව විකුණනවා.’’ යනුවෙන් සඳහන් කරමින් විශාල දැන්වීම් පුවරුවක්  කූර්ටුබා නගරයේ ප්‍රදර්ශනය කර ඇත.

වකුගඩුව විකිණීම සම්බන්ධ පුවත කුවේට් සමාජය තුල සහ සෞඛ්‍ය ප්‍රජාව අතර මහත් කතාබහක් ඇති කිරීමට සමත් වී ඇති බව අල්-රායි පුවත්පත වාර්තා කර ඇත.

අවයව විකිණීම කුවේට් නීතියේ 10වැනි වගන්තිය අනුව අපරාධයක් වන අතර වසර තුනක සිරදඩුවමක් හෝ කුවේට් ඩිනාර් 3.000ක දඩමුදලක් නියම කළ හැකිය. 

අදාල දඩුවම විකුණන, මිලදී ගන්නා පුද්ගලයන්ට සහ වෛද්‍යවරයාටද හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS