කටාර් හි රෝගාබාධවලට ගොදුරු වුවන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථානයක්



කටාර් හි සේවය කරමින් සිටිය දී දරුණු රෝගාබාධවලට ගොදුරු වී නැවත සුවය ලබමින් සිටින අඩු ආදායම් ලාභි විදෙස් ශ‍්‍රමිකයන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටාර් හමාඞ් වෛද්‍ය සංගමය පියවර ගෙන තිබේ. 

නැවත මව් රටවල් බලා යන තෙක් අදාල ශ‍්‍රමිකයන් මෙම  මධ්‍යස්ථෘනය තුළ රැක බලා ගනු ඇත. වරකට රෝගීන් දොළොස් දෙනෙකුට පමණ රැුකවරණය සැලසෙන මෙම මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාවටම සතියේ දින 7 ම විවෘතව  පවතින බව එම මධ්‍යස්ථානය නිවේදනය කර ඇත. 

කටාර් රාජ්‍යයේ සේවය සදහා පැමිණෙන විදෙස් ශ‍්‍රමිකයන් රැුක බලා ගැනීම හා ආරක්ෂාව සැපයීම තම වගකීම බව පිළිගන්නා කටාර් රාජ්‍යය රෝගීව අසරණ වූ ශ‍්‍රමිකයන් මෙම සුරැුකුම් මධ්‍යස්ථානයේ දී ආරක්ෂාව හා සුභ සාධනය ලැබෙනු ඇත. 

 

විනිතා එම් ගමගේ

 


RECOMMEND POSTS