කටාර් විදෙස් ඇමැති සෞදියේ



කටාර් විදේශ කටයුතු ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පෙර දැනුම් දීමකින් තොරව සෞදියේ රියාද් බලා පැමිණි බව අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරයි.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර පළුදු වූ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව කටාර් විදෙස් ඇමැතිවරයා සෞදියට පැමිණි බව ද පැවැසෙයි. කටාර් විදෙස් ඇමැතිවරයා සහ සෞදි ඇමැතිවරුන් කීප දෙනකු අතරේ හමුවක් ද පැවැත්විණි. කෙසේ නමුත් කටාර් විදේශ ඇමැතිවරයා සහ සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරුන් අතරේ හමුවක් පැවැත්වුණු බවක් වාර්තා වී නැත.

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත්, අන්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් කටාර් රාජ්‍යයට සෞදියෙන් චෝදනා එල්ල වී ඇත. සෞදිය, ඊජිප්තුව, බහරේනය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට සම්බාධක පනවා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS