කටාර් එමීර් හමාස් නායකයා හමුවෙයි



පලස්තීන හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හානියා සහ කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී අතර හමුවක් පැවැත්විණි.

පලස්තීන හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හානියා කටාර් පැමිණි පළමු අවස්ථාව මෙයයි. හමාස් සංවිධානය සන්නද්ධ අංශය සහ දේශපාලන අංශය යනුවෙන් කොටස් දෙකකි. ඉස්මායිල් හානියා දේශපාලන අංශය මෙහෙයවයි.

පලස්තීන වැසියන්ගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා සහ හමාස් නායකයා අතරේ සාකච්ඡා පැවැත්විණි. ඉස්මායිල් හානියා හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායකයා බවට පත් වූයේ 2017 මැතිවරණයෙනි.

ඉස්මායිල් හානියා ට විදෙස් සංචාර තහනමක් පැනැවීමට ඊජිප්තුව පියවර ගෙන තිබුණු අතර, වසර 3 කට පසු එම තහනම ඉවත් කෙරුණි. ඉස්මායිල් හානියා කටාර් බලා පැමිණියේ ඒ අනුවය.

දෝහාහිදීය (අල් ජසීරා)

 


RECOMMEND POSTS