කටාර් ආසාදිතයන් ගණන 7 ක්



කටාර් රාජ්‍යයේ ගතවුණු පැය 24 ඇතුළත ‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරස ආසාදිතයන් සිවු දෙනකු හමුවුණු බවත්, කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් ගණන ඒ අනුව 7 දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කළේය.

අලුතින් හමුවුණු රෝගීන් සිවුදෙනාගෙන් දෙනෙකු කටාර් ජාතිකයන් වන අතර ඉතිරි දෙදෙනා එම කටාර් ජාතිකයන් සමඟ ඉරානය බලා ගොස් ආපසු පැමිණි ගෘහ සේවිකාවන් බවත් පැවැසෙයි.

ඉරානයේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙද්දී, සෞදිය පසුගිය පෙබරවාරි 27 වැනිදා පෞද්ගලික ගුවන් යානයක් යවා ඉරානයේ සිටි කටාර් වැසියන් ආපසු ගෙන්වා ගත්තේය. එසේ ගෙන්වා ගත් පිරිස අතරේ මෙම සිවුදෙනා ද සිට ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS