කටාරයට අද උල්කා වැස්සක්



මේ වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රෑ කටාර් රාජ්‍යයට දිස්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අද රෑ ඇරඹෙන උල්කාපාත වර්ෂාව හෙට පහන් වන තුරු දැකිය හැකි බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

උල්කාපාත වර්ෂාව කටාර් අහසේ උතුරු දෙසින් දිස්වෙන අතර, තාරකා විද්‍යාඥයන් දිශාව අනුව එය හඳුවා ඇත්තේ  “Quadrantids meteor showers” යන නමිනි.

කටාරයට වසරක් පාසා මෙවැනි උල්කාපාත වර්ෂා දකින්න ලැබේ. ඒ, දෙසැම්බර් අවසානයේ සිට ජනවාරි අවසානය දක්වා යැයි කටාර් තාරකා විද්‍යාඥ ආචාර්ය බෂීර් මාර්සූක් පැහැදිලි කර තිබේ.

අද මැදියම් රැයේ සිට අලුයම් කාලය තෙක් ඉතා පැහැදිලිව මෙම උල්කා වර්ෂාව නැරඹිය හැකි බව ද ආචාර්ය බෂීර් මාර්සූක් වැඩිදුරටත් කියා සිටී. ආලෝකය අඩු, වායු දූෂණය අඩු අහස හොඳින් පෙනෙන ස්ථානයක් ඒ සඳහා වඩාත් යෝග්‍ය යැයි මාර්සූක් පෙන්වා දෙයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS