කංසා කිලෝග්‍රෑම් 300ක් අල්ලයි



ඉරානයේ සිට කුවේටයට විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

දෝහා වරායේ සේවය කරන කුවේට් වෙරළාරක්ෂක භටයින් ඉරානයේ සිට පැමිණි බෝට්ටුවකින් ගෙන එන ලද කිලෝග්‍රෑම් 300 කට වැඩි කංසා (ගංජා) අත්අඩංගුවට ගෙන ඇත.

දෝහා වරායට පැමිණි බෝට්ටුව ගැන සැක සිතූ වෙරළාරක්ෂක භටයන් බෝට්ටුව පරීක්ෂා කර මත්ද්‍රව්‍ය තොගය සහ ආසියාතික ජාවාරම්කරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS