ඖෂධ වර්ග 69 ඉවත් කරලා



ඖෂධ වර්ග හැට නවයක් වෙළඳපොලෙන් ඉවත් කිරීමට අබුඩාබි සෞඛ්‍ය අධිකාරිය කටයුතු කර ඇත.

2019 ජනවාරි 01 දින සිට මේදක්වා කාලය තුල අදාල ඖෂධ වර්ග හැට නවයක් ඉවත් කිරීම අධිකාරිය කටයුතු කර ඇත.

වෙළඳපොලෙන් ඉවත් කළ ඖෂධ නියම නොකරන ලෙස සියළුම වෛද්‍ය පහසුකම් සපයන ආයතන, දෙපාර්තමේන්තු  සහ ඔසුසැල්වලට අධිකාරිය නියෝග කර ඇත.

අසාත්මිකතා, රුධිර පීඩනය, මලබද්ධය, පිළිකා, හෘද වාහිනී ගැටළු සහ සෙම් රෝග සඳහා භාවිතා කරන ඖෂධ වෙළඳපොලෙන් ඉවත් කළ ඖෂධ අතර වේ.

සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරුවීමෙන් පසු, තහනම් කර තිබු ඖෂධ වර්ග නවයක තහනම ඉවත් කිරීමට අධිකාරිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS