ඕමාන ජාතිකයන්ව ගෙන්වා ගැනීමට යයි



ඉන්දියාවේ අතරමංව සිටින ඕමාන ජාතිකයන්ව නැවත ගෙන්වා ගැනීමට ඕමානය රජය කටයුතු කරන බව වාර්තා වේ.

කොරෝනා (කොවිඩ් -19) වසංගතය හේතුවෙන් ලොව පුරා වාණිජ ගුවන් ගමන් අත්හිටුවීමෙන් පසු, ඉන්දියාවේ අතරමංව සිටින ඕමාන ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට උත්සාහ කරන බව ඕමාන රජය නිවේදනය කර ඇත.

සිය පුරවැසියන් ඉන්දියාවෙන් ඕමානය වෙත යැවීම සඳහා අවසන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටින බව නවදිල්ලි නුවර පිහිටි ඕමාන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක් වේ.

“ ඉන්දියාවේ අතරමංව සිටින අපගේ පුරවැසියන් ඕමානය බලා පිටත් කර හැරීම සඳහා අපි ඉන්දීය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ සඳහා අවසන් අනුමැතිය ඉතා ඉක්මණින් ලබා ගැනීමට හැකිවෙනවා.’’ යනුවෙන් තානාපති කාර්යාලය පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS