ඕමාන් සුල්තාන් අභවප්‍රාප්ත වෙයි



පසුගිය වසර කීපය පුරාවට පිළිකාවකින් පීඩා විඳි ඕමාන සුල්තාන් කබූස් බින් සෙයිද් අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. මේ බව නිවේදනය කළේ එරට ජාතික රූපවාහිනියයි.

79 හැවිරිදි සුල්තාන් කබූස් බින් සෙයිද්ගේ අභාවය හේතුවෙන් ඕමානයේ තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර, දින 40 ක් ඕමාන ධජය අඩකුඹු කිරීමට තීරණය කෙරුණී.

කබූස් බින් සෙයිද්ගෙන් පසු සුල්තාන් ලෙස තෝරා ගැනෙන්නේ කවුරුන්දැයි යන්න ඉදිරි පැය 72 දී තීරණය කරන බව ඕමාන රජ පවුල නිවේදනය කර තිබේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS