ඕමානයේ මුල්වරට උපන් ව්‍යාඝ්‍ර පැටවු



ඕමානයේ ප්‍රථම වරට ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනෙක් බාර්කා හි සත්ව උද්‍යානයක උපත ලබා ඇති බව වාර්තා වේ.

ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනා 2020 ජුනි 17 දින උපත ලබා ඇති අතර, වයස අවුරුදු 8 වන පියා, පැබ්ලෝට සහ 10 හැවිරිදි මව වන ලූනාට දාව උපත ලබා ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් උද්‍යානය දැනට වසා තැබීම හේතුවෙන් සත්ව ලෝලීන්ට ව්‍යාඝ්‍ර පැටවුන් දැකගැනීමට නොහැකි වී ඇත.

ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනාම ඔවුන්ගේ මාපියන් මෙන් ඉතා ප්‍රියමනාප, සෙල්ලක්කාර සහ ජවසම්පන්න වන බවත්, පැටවුන් දෙදෙනාට තවමත් නම් තබා නොමැති බව බාර්කා හි විලයාට් නගරයේ අල් නුමාන් සත්ව උද්‍යානයේ හිමිකරු වන, අහමඩ් බින් අබ්දුල් රහීම් අල්- බලුෂි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS