ඕමානයේ ජනගහනය 0.38% ඉහළට



ඕමානයේ සමස්ථ ජනගහනය 2019 වර්ෂයේ සියයට 0.38කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2018 වසරේ සමස්ථ ජනගහනය 4,647,110 ක් වු අතර 2019දි එම සංඛ්‍යාව 4,664,844 දක්වා (17,734) ඉහළ ගොස් ඇත.

ඕමානයේ සමස්ථ විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 58,106කින් පහත වැටී ඇති බවත්, ඕමාන පුරවැසියන්ගේ සංඛ්‍යාව 75,840 කින් වැඩි වී ඇති බව ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසීය.

2019 දී සමස්ථ ඕමාන ජාතිකයන්ගේ සංඛ්‍යාව 2,692,756 (57.7%)ක් ලෙස වාර්තා වු අතර 2018 දී එය 2,616,916 ලෙස වාර්තා විය.

2019 දී ඕමාන්ජනගහනයෙන් 42.3% ක් (1,972,088) විදේශ ශ්‍රමිකයන් නියෝජනය වු අතර 2018 දී එය 2,030,194 ලෙස වාර්තා විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS