ඕමානයේ ඉන්දියානුවෝ 2,564ක් මරුට



ඕමානයේ සේවය කළ ඉන්දියානුවන් 2,564ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

2014 සිට 2018 දක්වා කාලය තුල සිදු වු අනතුරු හේතුවෙන් ඉන්දියානුවන් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් අඩුම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඕමානයෙන් බවත් සෞදි අරාබියේ දි 12,828ක්ද, එමිරේටයේ 7,877ක් සහ කුවේටයේ 2,932ක් ජීවිතක්ෂයට පත් වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, වී.කේ සිං ප්‍රකාශ කළේය. 

ඉන්දීය ජාතිකයන් 28,523ක් පසුගිය වසර පහක කාලය තුල ගල්ෆ් රටවල් හයක දී ජීවිතක්ෂයට පත් වී ඇති බව නිවේදනයේ සඳහන් කර ඇත. 

පිළිවෙලික් 2014දී 519ක්, 2015දි 520ක්, 2016දි 547ක්, 2017දී 495ක් සහ 2018දි 483ක් ඕමානයේදි ජීවිතක්ෂයට පත් වී ඇත. 

ඉන්දීය ජාතිකයන් 664,227ක් ඕමානයේ ජීවත් වන අතර ඕමානයේ ජීවත් වන ඉහළම විදේශීය ප්‍රජාවද වේ. කාන්තාවන් 48,115ක් සහ පිරිමින් 616,112ක් ඇතුලත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට්)


RECOMMEND POSTS