ඕමානයත් ගුවන්ගමන් අත්හිටුවයි



චීනය සහ ඕමානය අතර සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් 300කට අධික පිරිසක් මියයෑම සහ ලොව පුරා 14,000කට වැඩි පිරිසක් ආසාදනය වීම හේතුවෙන් ගුවන්ගමන් අත්හිටුවීමට ඕමාන රජය පියවර ගෙන ඇත.

කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීමට චීනයට හැකිවුවහොත් ගුවන්ගමන් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS